හම්බන්තොට දිස්ත්‍රික්කයේ තංගල්ල අධ්‍යාපන කලාපයට අයත් අප පාසල ආරම්භ කරන ලද්දේ ක්‍රි.ව. 1913 දීය. ඉතාමත් නොදියුණු රැකව ගමේ ඓතිහාසික රැකව ජය මහා විහාරයට ආසන්නව“හ/ රැකව කනිෂ්ඨ විද්‍යාලය“ ආරම්භ කරන ලදී.
විදුහලේ ප්‍රථම මුල් ගුරුවරයා ලෙස D.B.J. ජයවික්‍රම මහතා පත්විය. ප්‍රථම ශිෂ්‍යා ලෙස සාන්චු අප්පු වීරවර්ණකුල ශිෂ්‍යා ඇතුළත් වී ඇත.
මුල් වකවානුවේ සිටි මුළු සිසුන් සංඛ්‍යාව 7 කි. පාසල සතුවූ ප්‍රථම සහ එකම ගොඩනැගිල්ල දිගින් අඩි 50 ක් පමණ විය.
ක්‍රම ක්‍රමයෙන් දියුණු වූ අප පාසල 1ශ්‍රේණියේ සිට 8 ශ්‍රේණිය දක්වා පැවති පංති 1960 දී T. ගුණතිලක විදුහල්පතිතුමාගේ කාලයේ අ.පො.ස. (සා/පෙළ) දක්වා වැඩිදියුණු කරන ලදී. එවකට බාලදක්ෂ කටයුතු, ක්‍රීඩා කටයුතු විෂය සමගාමී ක්‍රියාකාරකම් ලෙස මැනවින් ක්‍රියාත්මකව ඇතිබව ලොග් සටහන් සාක්ෂිදරයි.
|
ආරම්භ කළ වර්ෂය |
1913 |
|
පාසලට ගිය මුල්ම ශීෂ්‍ය සංඛ්‍යාව |
07 |
|
මුල් ගුරුතුමාගේ නම |
D.B.J. ජයවික්‍රම මහතා |
|
පාසලේ ආදි කතෘගේ නම |
ලිඛිත සාක්ෂි නොමැත |
|
පාසලේ මුල් ගොඩනැගිලි ගණන |
01 |
|
පාසලේ නම |
හ/ රැකව කනිෂ්ඨ විද්‍යාලය |
|
පාසල භාරව කටයුතු කිරීම |
ලිඛිත සාක්ෂි නොමැත |
|
පාසල රජයට පවරාගත් දිනය |
ලිඛිත සාක්ෂි නොමැත |
|
ප්‍රථම ශිෂ්‍යයාගේ නම |
සාන්චු අප්පු වීරවර්ණකුල ශිෂ්‍යා |