හද බැති මල් පුබුදාලා
යස රැස සුපතල මාලා
නර විරුවන් ජනිත කළේ
රැකව අපේ විදුහල් මෑණී....//
නව ලොවකට අපහට මං සලසන
නව පරපුරකට ශිල්ප සතර දෙන
නැණ ගුණ වඩවා රට නංවන්නට
ආලෝකය දෙන නිකේතනය ඔබ
ගැමුණු විජයබා පරකුම්බා රජ
අපහට දෙස බස රැකදුන් විලසට
ඔබ ගිය මග යලා පුබුදාලන්නට
පාසල් මව්නි ඔබේ දරුවන් ලෙස
හද බැති මල් ....
* ගී පද බැඳුම : තංගල්ල කොට්ඨාසයේ හිටපු සංගීත ගුරු උපදේශක ; දිසානායක මහතා